Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2021 11:00:04 Hours

121 වන බලසේනාව වෙතින් සෙල්ලකතරගම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන දිවයින පුරා නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සෙල්ලකතරගම ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවසක් පසුගිය සෙනසුරාදා (20) දින පැවති උත්සවයකදී නිවාසලාභින් වෙත පවරා දුන්හ.  

නව නිවසේ නිවාසලාභියා වූ නිලන්ත ප්‍රදීප් කුමාර මහතා සහ සිය පවුලේ සාමාජිකයින් සතු දුෂ්කරතා පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව ඔවුන් වෙත නව නිවසක් ඉදිකරදීමට දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත භටපිරිස් ස්වෙච්ඡාවෙන් සිය ශ්‍රමදායකත්වය දැක්වූහ. ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් වල තාක්‍ෂණික දැනුම හා ඉංජිනේරු කුසලතාවයන් ප්‍රයෝජනයට ගනිමින් සති කිහිපයක් තුළ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු නිමකරන ලදී.  

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවයේදී 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක විසින් නව නිවස නිවාසලාභින් වෙත පවරාදුන්හ.