Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2021 18:52:30 Hours

පෞද්ගලික ආයතනයක් වෙතින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා උසස් තත්ත්වයේ මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු ඇගයීමට ලක් කරමින් කපු, නූල්, රෙදි, කමිස ආදී ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන සීමාසහිත Esquel Sri Lanka සමාගමේ නියෝජිත පිරිසක් අද (23) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථායේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමු වී කපු වලින් නිෂ්පාදිත මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සීමාසහිත Esquel Sri Lanka සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරි රසිකා අමරකෝන් මෙනවිය සහ එම සමාගම නියෝජනය කරමින් සහභාගී වූ ආර්.යූ.ඒ. මෙන්ඩිස් මහත්මිය, එන්.එස්.ඩී. ක්‍රමාරු මහතා සහ එම්.ආර්. ජුන්කීර් මහතා විසින් මෙම මුහුණු ආවරණ තොගය සංකේතාත්මකව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළහ.

විදේශ වෙළඳපොල ඉලක්ක කරගනිමින් මුහුණු ආවරණ නිෂ්පාදනය කරනු ලබන සීමාසහිත Esquel Sri Lanka සමාගම කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස කටයුතු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ප්‍රමුඛත්වය මත උසස් තත්ත්වයෙන් නිෂ්පාදිත මෙම මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමට තීරණය කළ බව එම සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කරන ලදී.

එම මුහුණු ආවරණ තොගය භාරගනිමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කර්තව්‍යය සඳහා සීමාසහිත Esquel Sri Lanka සමාගම සිදුකළ පරිත්‍යාගයේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කරමින් එම සමාගමේ නියෝජිතයින් වෙත සමරු තිළිණ ප්‍රදානය කළේය.