Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2021 08:00:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයට නව නිලධාරි නේවාසිකාගාරයක්

කොස්ගම, සීතාවකපුර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නිලධාරි නේවාසිකාගාරයට මුල්ගල තැබීම පසුගිය අඟහරුවාදා (16) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් සිදුකෙරිණි.

එම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබිණි. දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදෙනු ලබයි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.