Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2021 10:00:21 Hours

652 වන බලසේනාවේ භටපිරිස් අවශ්‍යතා සහිත පාසල් සිසුන් අතර ලිපි ද්‍රව්‍ය බෙදාදෙයි

මල්ලාවි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන කුසලතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දකුණේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව පසුගිය සඳුදා (15) දින එම දරු දැරියන් අතර පාසල් උපකරණ තොගයක් බෙදාදුන්හ.

එරාවුල් ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ඉල්ලීමකට අනුව අම්බල්පුරම් විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන් සඳහා අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් සහ A4 කොළ ඇතුළු පාසල් උපකරණ තොගයක් මෙලෙස බෙදාදුන්හ.

මෙම අවස්ථාවට 65 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 652 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.