Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2021 09:00:21 Hours

උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අතර හමුවක්

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු ජීවන් ත්‍යාගරාජා මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ අතර සුහද හමුවක් ඉකුත් සඳුදා (15) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්, මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් සහ එම ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ ආණ්ඩුකාරතුමන් දැනුවත් කරන ලදී.

මෙම හමුව අවසානයේ දෙපාර්ශවය අතර සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.