Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2021 07:00:21 Hours

ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරීන් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය. එහිදී, පුහුණු පාසලේ පවතින අවශ්‍යතාවයන් පිළිබඳව ද යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් සොයාබැලීය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.