Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2021 11:27:56 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර 9 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර සිය 9 වන සංවත්සරය හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් සඳුදා (15) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 9 ක් ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 වන සේනාංක යටතේ සේවයේ නියුතු භටපිරිස් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සෙනරත් යාපා ගේ උපදෙස් මත එම ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතු මෙන්ම ජාතික සංවර්ධන කටයුතු සහ සමාජ සුභසාධන කටයුතු වල නිරතව සිටියි.

සංවත්සර දිනයේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙත සපැමිණි ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් බී.එම්.ඒ බාලසූරිය විසින් එතුමන් ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී.  

එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් භටපිරිස් අමතමින් සිදුකළ සිය දේශනයේදී ආරක්‍ෂක කටයුතු සහ කොවිඩ් -19 වෛරසය හමුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන කාර්යභාර්ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී. එසේම, පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ද එතුමන් සිය දේශනය අතරතුරදී භටපිරිස් දැනුවත් කළේය. එදින සන්ධ්‍යාවේ පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් පවත්වමින් භටපිරිස් වෙත ආශිර්වාද එක් කළහ. සංවත්සර වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් එක්වූහ.