Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2021 12:27:56 Hours

අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමට යුද්ධ හමුදා භටපිරිස් දායකවෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අනුග්‍රාහකභවතුන් සමඟ එක්ව බණ්ඩාරවෙල, පන්විල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී. මෙලෙස ඉදිකරන ලද නව නිවස ඔක්තෝබර් මස 23 දින නිවාසලාභින් වෙත භාරදුන්නේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම නිවස බණ්ඩාරවෙල, පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැද්දේගම ග්‍රාම නිලධාරි වසමේ පදිංචි චාලට් වෙලාරත්න මහත්මිය වෙනුවෙන් ඉදිකරදෙන ලදී. නිවස ඉදිකිරීමේ කටයුතු 111 වන බලසේනාවේ බලසේනාධිපති ගේ සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.