Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2021 13:27:56 Hours

කෝකිලායි විහාරයේ වාර්ෂික කඨින පිංකමට යුද්ධ හමුදා භටපිරිස් දායකවෙයි

කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් එම විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින’ පූජා පිංකම නොවැම්බර් මස 13 සහ 14 දෙදින පුරා පැවැති අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ගැමුණු හේවා බලඇණියේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

‘කඨින’ පූජා පිංකම පැවැත්වීමට ප්‍රථම භටපිරිස් විසින් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කර වාර්ෂික කඨින පූජා පිංකම පැවැත්වීම සඳහා පූජා භාණ්ඩ පරිත්‍යාග කරන ලදී.