17th November 2021 14:27:56 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස්, තවත් රාජ්‍ය ආයතන 10 ක ස්වේච්ඡා සේවකයින් සමඟ එක්ව ඉකුත් අඟහරුවාදා (16) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ‘ඩෙංගු මර්ධන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස්වලට අමතරව, ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන්, බදුල්ල නගර සභාවේ සේවකයින්, බහුකාර්ය සංවර්ධන සාමාජිකයින්, බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් සහ බදුල්ල ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.
මෙම වැඩසටහන පසුගියදා ඇතිවු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් ආවරණය කරමින් දියත් කරන ලදී.