17th November 2021 15:27:56 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් නඩ්ඩන්කන්ඩාල්, කිඩපිඩිච්චිකුලම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකල නව නිවස ඉකුත් සඳුදා (15) දින පැවැති උත්සවයකදී නිවාසලාභින් වෙත භාරදුන්නේය.
652 වන බලසේනාවේ භටපිරිස් විසින් දේවිකා එදිරිසිංහ මහත්මිය සහ හෂිනි කුමාරගේ මහත්මිය ඇතුළු පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව ස්ථිර නිවසක් නොමැතිව දරුවන් සමඟ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු ජෙගන්ති ලියනගේ නිලංකා මහත්මිය වෙනුවෙන් මෙම නිවස ඉදිකරදෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත 652 වන බලසේනාව විසින් දියත් කරනු ලබන ප්‍රජා සත්කාර ව්‍යාපෘතිවල තවත් එක් අදියරක් ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ සහ 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර ගේ අධීක්‍ෂණය යටතේ මෙම නිවස ඉදි කෙරිණි.
නව නිවස නිවාසලාභීන් වෙත භාරදීමේ උත්සවයට 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි, 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් ඩි.එස්. සුරියආරච්චි සහභාගි වූහ.