Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2021 21:24:51 Hours

අඩු ආදායම්ලාභී ධීවර පවුල්වල ජීවනෝපාය නඟාසිටුවමින් 572 වන බලසේනාවේ භටපිරිස් මත්ස්‍යයින් මුදාහරී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස් අඩුආදායම්ලාභි පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීමේ අරමුණින් දියත් කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගියදා ක්‍රියාත්මක කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි පිලමන්තල්ලාරු වැවට මසුන් 75,000 ක් මුදාහරින ලදී.  

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වණසිංහ ගේ උපදෙස් මත එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ධීවර පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතිය තුලින් මුලතිව්, පිලමන්තල්ලාරු ප්‍රදේශයේ ධීවර පවුල් විසිපහකට වැඩි ප්‍රමාණයකට අමතර ආදායමක් උපයාගැනීමට අවස්ථා හිමිවනු ඇත.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය අඟහරුවාදා (16) දින ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල මුලතිව් ප්‍රදේශයේ පිහිටි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට උතුරු පළාත් ජලජිවී හා වගා ව්‍යාප්ති නිළධාරි එස්. සංගීදන් මහතා, ප්‍රාදේශීය ජලජිවී හා වගා ව්‍යාප්ති නිළධාරි සහ ධීවර සංගම්වල සාමාජිකයින් ද සහභාගි වූහ.