16th November 2021 10:30:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු සැලැස්මට අනුව ‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 36’ සහ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 53’ පසුගිය බ්‍රහස්පතින්දා (11) දින අම්පාර සටන් පුහුණු පාසලේ දී සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කෙරිණි.
යුද්ධ හමුදා සාමාජිකයිගේ විවිධ වෘත්තීය අපේක්ෂාවන් පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලා පවත්වනු ලබයි. ඒ අනුව ආරම්භ කළ මෙම පාඨමාලාවේ සමාරම්භක දේශනය අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් කල්ප සංජීව විසින් සිදුකරන ලදී.