Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2021 13:19:08 Hours

කොළඹදී පැවැත්වෙන ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනය සමඟ ලයා හෝටල් සමූහ ව්‍යාපාරය එක්වෙයි

One Galle Face වෙළඳ සංකීර්ණයේ පිහිටි Beira Lake සහ Ocean Avenue හිදී මේ දිනවල පැවැත්වෙන ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනයේ එක් ප්‍රදර්ශන කුටියක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ලයා හෝටල් සමූහ ව්‍යාපාරය සඳහා වෙන් කර ඇත.

විනිමය මුදල් ඉපයීමේ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරමින් මේ දිනවල පැවැත්වෙන ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනය තුලින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා වන අදහස්, ඉදිරි සැලසුම් සහ ප්‍රායෝගික ප්‍රවේශයන් සකසාගැනීමට මෙමගින් අපේක්‍ෂා කෙරේ. සංචාරක අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (15) දින ආරම්භ කළ මෙම ප්‍රදර්ශනය එළඹෙන බ්‍රහස්පතින්දා (18) දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මහජනතාවට මෙම ප්‍රදර්ශනය නැරඹීමේ හැකියාව පවති.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක දින සැමරුම් උළෙලට සමගාමීව මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබයි.

සංචාරක නියෝජිතයින්, සංචාරක මඟපෙන්වන්නන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්, හෝටල් සහ නවාතැන් මධ්‍යස්ථාන නිලධාරීන්, සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ ස්ථානවල සාමාජිකයින්, සංචාරක ව්‍යාපාරයේ වෘත්තීය මධ්‍යස්ථානවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රදර්ශන කුටි 60 කින් සමන්විත වේ.