Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2021 21:16:50 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගිය දා රාජකාරි ආරම්භ කළ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ නොවැම්බර් මස 10 සහ 11 දෙදින තුළ කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 57 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය.  

එතුමන්, පසුගිය බ්‍රහස්පතින්දා (11) දින 571 හා 573 වන බලසේනා මූලස්ථාන, අම්පකාමන් බලඇණි පුහුණු පාසල සහ තවත් ස්ථාන කිහිපයක සංචාරය කළේය.

571 හා 573 වන බලසේනා මූලස්ථාන වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ, එම බලසේනා මූලස්ථානයන්හී බලසේනාධිපතිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සිය කාර්යභාරය සහ වගකීම් පිළිබඳ ආඥාපතිතුමන් දැනුවත් කළහ.  

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ එම මූලස්ථාන පරිශ්‍රයන් තුළ පැළ සිටුවා විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල ද සමරු සටහන් තැබීය.  

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවති මෙම සංචාරය සඳහා එම බලඇණි සහ ඒකකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.