Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2021 21:10:55 Hours

මැණික් ගඟ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමට 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්වෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (12) දින කතරගම මැණික් ගඟ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනකට එක්වූහ.  

මෙම ශ්‍රමදාන වැඩසටහන 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.