15th November 2021 05:52:15 Hours
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සිය ප්‍රථම නිල සංචාරය නොවැම්බර් මස 7 වන දින හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 532 වන බලසේනා මුලස්ථානයේ සිදුකළහ.
මෙම සංචාරය අතරතුරදී, එම බලසේනා මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකල බලසේනාධිපතිතුමන්ගේ නිල නිවස සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. ඉන් අනතුරුව මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් බලසේනාවේ භටපිරිස් ද ඇමතූවේය.
ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාමුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. ඉන් පසුව, සේනාංකාධිපතිතුමන් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් බක්මිටියාව ප්‍රදේශයේ පිහිටි ‘ඒ‘ කණ්ඩායමේ සංචාරයක නිරත වෙමින් එහි සේවයේ නියිතු භටපිරිස් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය.
තවද, නව සේනාංකාධිපතිතුමන් 8 වන ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් එහි සේවයේ යෙදී සිටින භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.