Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2021 08:52:15 Hours

ගංවතුර තත්ත්වය මධ්‍යයේ සිදුකල සහන මෙහෙයුම්, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ දිස්ත්‍රික් ලේකම්ගේ පැසසුමට

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවු හදිසි ආපදාවන්ට සහන සැලසීම සඳහා සිදුකල මෙහෙයුම් පිළිබඳ සමාලෝචනය කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සරත්චන්ද්‍ර මහතා ඇතුළු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් බදාදා (10) දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ නායයෑම් සහ පස් කඳු කඩා වැටීම වැනි ආපදා තත්ත්වයන්හිදී ගත යුතු ක්‍රියාමාර්ග, එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම, පීඩාවට පත් ජනතාවට තාවකාලික නවාතැන් හා ආහාරපාන සැපයීම, සනීපාරක්‍ෂක පහසුකම් ලබාදීම සහ හානියට පත් වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.  

මෙම සාකච්ඡාව සඳහා වවුනියාව දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති, සෞඛ්‍ය සේවා නිලධාරින්, කෘෂිකර්ම නිලධාරින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්, අනෙකුත් රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිය සමිති සාමාජිකයින් සහභාගි වූහ.