Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2021 11:52:15 Hours

කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානි, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි හමුවෙයි

කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානි තාරා ෆෙඩෝරා මොන්ට්ගොමරි මහත්මිය (Ms Tara Feodora Montgomery) උතුරේ සිදුකල සංචාරයක් අතරතුර ඉකුත් සිකුරාදා (12) දින මධ්‍යහනේ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ හමුවිය.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි වෙත සපැමිණි කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානි තාරා ෆෙඩෝරා මොන්ට්ගොමරි මහත්මිය (Ms Tara Feodora Montgomery) සහ වවුනියාව පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති ඉග්නාසියෝ ජවියර් මාර්ටින් මහතා (Mr Ignacio Javier Martin), එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් පිළිගත්තේය.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි හිදී පැවැති මෙම සුහද හමුවේදී, වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් විසින් සිදුකරනු ලබන ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය සහ ආරක්‍ෂක කටයුතු පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානීන් දැනුවත් කරන ලදී. මෙම සුහද හමුව අවසානයේ ආරක්‍ෂක සේනා ආඥාපති විසින් කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානි වෙත සමරු තිළිණයක් ද පිරිනැමුවේය.

තාරා ෆෙඩෝරා මොන්ට්ගොමරි මහත්මිය (Ms Tara Feodora Montgomery) ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සදහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය.