14th November 2021 14:54:12 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් කුරුණෑගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වාරි සෞභාග්‍යය’ ජාතික වාරි සංවර්ධන වැඩසටහන යටතේ ගල්ගමුව, ඉහළපළුගස්වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකර පසුගිය බදාදා (03) දින අදාළ බලධාරින් වෙත නිල වශයෙන් භාරදුන්හ.
ඉහළපළුගස්වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර අනුරුද්ධ සෙනෙවිරත්න ගේ අධීක්‍ෂණය යටතේ 2021 මැයි මස 02 දින 11 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ආරම්භ කරන ලදී.
එම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ක්‍රිශාන්ත පුස්සැවෙල ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.
මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර ගේ මඟපෙන්වීම යටතේ සාර්ථකව නිමකරන ලදී.