14th November 2021 15:43:54 Hours
කොත්මලේ ඔය අවට මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු ගලන ජල පහරට හසුව සිටියදි 581 වන බලසේනාව යටතේ පාලනය වන 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (14) දින දහවල් 12.00 ට පමණ ඔයේ ජල මට්ටම් සීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබූ අවස්ථාවක මහත් පරිශ්‍රමයක් යොදා ජල පහරට හසුව සිටි පුද්ගලයා ඉන් මුදවා ගැනීමට භටපිරිස් සමත් වූහ.
5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ගේ උපදෙස් පරිදි යුහුසුළුව ක්‍රියාත්මක වූ භටපිරිස් නයිලෝන් ලණු ආදාරයෙන් ජලයට බැස දියපහරට හසුවූ ධීවරයා ඉවුර වෙතට ගෙන ඒමට කටයුතු කළහ. (පහත ඇති වීඩියෝ දර්ශනය බලන්න)