14th November 2021 10:23:55 Hours
යුද්ධ හමුදා භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව 2021 නොවැම්බර් මස 13 දින මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ නීති විරෝධි ලෙස නිධන් හෑරූ පුද්ගලයින් 4 දෙනෙකු සමඟ ඒ සඳහා භාවිතා කළ උපකරණ අත්අඩංගුවට ගනු ලැබූහ.
එහිදී, මන්නාරම පාලම අසල පවත්වාගෙන යනු ලබන මාර්ග බාධකයේදී 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරුවන් දෙදෙනා මෝටර් රථයකින් පලායාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලදී.
බුද්ධි අංශ භටපිරිස් සහ 54 වන සේනාංකයේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව අදාළ සැකකරුවන් සමඟ ජෙනරේටරයක්, සවලක්, උදැල්ලක්, බාල්දි හතරක්, ජල නල දෙකක් සහ ජල පොම්පයක් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අනෙකුත් භාණ්ඩ සියල්ල වැඩිදුර පරික්‍ෂණ සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.