11th November 2021 15:54:13 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බදාදා (10) දින සන්ධ්‍යාවේ උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සිදුකළ පා මුර සංචාරයක් අතරතුර කොහු ලණුවලින් ගසක බැඳ තිබූ අවුරුදු 8 ක පමණ අලි පැටවෙකු මුදාගැනීමට සමත් වූහ.
යුද්ධ හමුදා භටපිරිස් එම අලි පැටවා මුදාගැනීමෙන් අනතුරුව උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානය වෙත පැමිණියහ. පසුව, එම නිලධාරින් විසින් ලබාදුන් තොරතුරුවලට අනුව අලි පැටවා උඩවලව ජාතික වනෝද්‍යානයේ පිහිටි ඇත් අතුරු සෙවණ වෙත මුදාහරිනු ලැබූහ.
මෙම පා මුර සංචාරයේ නිරත භටපිරිස් 58 වන සේනාංකයේ සේනාංකාධිපති, 581 වන බලසේනාවේ බලසේනාධිපති සහ 1 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි සමඟ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා භටපිරිස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
වනජීවී බලධාරීන්ගේ ඉල්ලීම පරිදි නීතිවිරෝධී දඩයම්කරුවන් සහ වෙනත් සමාජ විරෝධීන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් 581 වන බලසේනාවේ භටපිරිස් උඩවලව ජාතික වනෝද්‍යානය සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ පා මුර සංචාර සිදුකිරීම සිදුකරනු ලබයි.