11th November 2021 15:50:10 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 31 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ පිහිටි ඔත්තප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පසුගිය සඳුදා (09) දින ගර්භනී කාන්තාවන් 50 දෙනෙකු වෙත වියළි සලාක පාර්සල් 50 ක් පරිත්‍යාග කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතිය 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒල්.ජී.ජේ.ඒන්. ආරියතිලක සහ 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඒස්.පී. බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළහ.