Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 19:00:13 Hours

ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලා අංක - 24 ඇරඹේ

නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලා අංක - 24 පසුගිය බදාදා (03) දින එම පුහුණු පාසලේ දී ආරම්භ කළ අතර එහි ආරම්භක දේශනය 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු විසින් සිදුකළේය.

මෙම අතරතුර, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු එම ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 22 වන ගජබා රෙජිමේන්තුවේ ද නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී, එම ඒකකවල අණදෙන නිලධාරින් විසින් සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.