Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2021 19:42:04 Hours

අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගම්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත දොළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගම්පොල, පුපුරැස්ස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සෙනසුරාදා (30) දින නිවාසලාභින් වෙත පවරා දෙන ලදී.

නිවාසලාභි කේ.ජී. සීත‍ා කුමාරි මහත්මිය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සති කිහිපයක් තුළ නිමකරන ලදී. 11 වන සේනාංකයේ ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස ඉදිකරනු ලැබූ මෙම නව නිවස 111 වන බලසේනාවේ බලසේනාධිපති සහ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකරනු ලැබූහ.

මෙම නව නිවස නිවාසලාභින් වෙත පවරාදීමේ උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අනුරුද්ධ ජයරත්න මහතා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 111 වන බලසේනාවේ බලසේනාධිපති, දොළුව ප්‍රාදේශිය ලේකම් ඇතුළු තවත් රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.