Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 21:00:22 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සිය බලප්‍රදේශයේ සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් හමුවෙයි

පසුගියදා රාජකාරි ආරම්භ කල ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වණසිංහ නොවැම්බර් මස 04 සහ 06 දෙදින පුරා සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් හමු වී එම ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් පිළිබඳ දැනුවත් විය.

මෙම සුහද හමුව අතරතුර, නව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වණසිංහ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් පිළිබඳ සිය දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට 57, 59, 66 සහ 68 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ඒ යටතේ ස්ථාපිත බලසේනාවල බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.