Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 21:20:22 Hours

මුලතිව් ප්‍රදේශයේ ආගමික වැඩසටහන් සඳහා 593 වන බලසේනාවේ භටපිරිස්වල සහයෝගය

රෝගාතුරව සිටියදී අපවත් වී වදාළ මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමිපාණන්ගේ 2 වන ගුණානුස්මරණ පිංකමට සමගාමීව එම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පිංකම ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා එම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

එම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති හිමිපාණන් විසින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ආගමික උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදාව විසින් ලබාදුන්හ.

ඒ අනුව, කර්නල් විශ්වජිත් විද්‍යානන්ද ගේ අණදීම යටතේ පාලනය වන 593 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 වන ගැමුණු බළඇණියේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම විහාරස්ථානයේ මෙවර කඨින පිංකම සහ අපවත් වී වදාළ විහාරාධිපති හිමිපාණන්ගේ 2 වන ගුණානුස්මරණ පිංකම පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.