Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 17:45:13 Hours

13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පෙරපාසල් පරිශ්‍රයක් පිරිසිදු කරයි

දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ කාලයක් තිස්සේ වසාදමා තිබු මුතියන්කඩ්ඩුකුලම් මර්දු පෙරපාසල නැවත ආරම්භ කිරීමට පෙර ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එම පෙරපාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

643 වන බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම සහ 13 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය මත දියත් කරනු ලැබු මෙම ශ්‍රමදාන වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.