Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 16:30:40 Hours

9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අඩු ආදායම්ලාභි පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින සුගන්ධිපුරම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් තුනකට වියළි සලාක පාර්සල් 3 ක් පරිත්‍යාග කරන ලදී.

9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන අතරතුරදී භටපිරිස් එම නිවෙස් වෙත ගොස් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.