Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 19:37:22 Hours

යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරිම් කටයුතු වල වත්මන් ප්‍රගතිය නව විධායක ජෙනරල් ගේ නිරීක්‍ෂණයට

යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, ඉකුත් සිකුරාදා (05) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරත වෙමින් රෝහලේ ඉදිකිරිම් කටයුතු වල වත්මන් ප්‍රගතිය පිළිබදව සොයාබැලීය.

සංචාරයේ නිරත විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ රෝහලේ ක්‍රියාකාරීත්වය සහ ඉදිකිරිම් කටයුතු වලට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

සාකච්ඡාවෙන් පසු මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල මහල් 15 කින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරමින් එහි වත්මන් ප්‍රගතිය ඇගයීමට ලක් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ආරම්භ කරන ලද ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් පසු යුද්ධ හමුදා සාමාජිකයන්ට වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට තවත් පහසුකම් සැලසෙනු ඇත.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එම්.එස්. කුමාර, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බ්‍රිගේඩියර් එස්.ඒ.එන්.ජේ. ආරියසේන, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ, යුද්ධ හමුදා කළමණාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.ඒ.ජේ.එස්.ඒ.එස්. පෙරේරා, කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.එම්.සී අත්තනායක, විධායක ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරී I (පාලන) කර්නල් යූ.වී.ඩබ්ලිව්.එස්. අමරසිරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

මෙම සංචාරය පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකෙරිණි.