Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 16:20:40 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල සංචාරයක

අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා නොවැම්බර් මස 1 සහ 2 දෙදින තුළ බදුල්ල දිස්ත්‍රිකයේ සංචාරයක නිරතවෙමින් එම ප්‍රදේශයේ ස්ථාපිත බලසේනා, ඒකක සහ අනෙකුත් වැදගත් ස්ථානයන්හි සංචාරය කළේය.  

112 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඉන් අනතුරුව පවතින අයහපත් කාලගුනික තත්ත්වය හමුවේ හානියට පත්වු බදුල්ල ජලසම්පාදන මණ්ඩලය හා මහජන සෞඛය සේවා කාර්යාලය නිරික්‍ෂණය කළේය.

ඉන් පසුව, මේජර් ජෙනරල් සමන්ත සිල්වා 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය, 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, හාවාඑළිය ප්‍රදේශයේ නවතමයෙන් ඉදිවන නිවාඩු නිකේතනය, කොටගල තෙල් පිරිපහදුව, කොටගල පිහිටි 581 වන බලසේනා මුලස්ථානය, විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු මුලස්ථානයේ සංචාරය කළේය.

මෙම සංචාරය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.