Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 18:12:13 Hours

121 වන බලසේනාවේ භටපිරිස් පැළ 2600 ක් රෝපණය කරයි

‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් සෙනසුරාදා (06) දින කොටියාගල රක්‍ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන යටතේ මී, කුඹුක්, ඇත් දෙමට, කොස්, සියඹලා යන වර්ග වලට අයත් පැළ 2600 ක් රෝපණය කරන ලදී. මෙම වැඩසටහන සාර්ථකව දියත් කිරීම සඳහා භටපිරිස් සමඟ දිස්ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ පැවැති මෙම වැඩසටහන 121 වන බලසේනාවේ භටපිරිස් විසින් දියත් කරන ලදී.