Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2021 06:05:12 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති වෙඩි තැබිමේ සැසියකට එක්වෙයි

මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවට අදාළ කාලතුවක්කු වෙඩි තැබිමේ පුහුණු සැසියක් ඔක්තෝම්බර් මස 29 සහ 30 යන දෙදින පුරා ටැම්පිටිය ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.

එම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රොෂාන් කන්නන්ගර සහභාගී වූහ.

මිලිමීටර් 120 සැහැල්ලු මෝටාර් භාවිතා කරමින් පැවැත්වූ මෙම ක්ෂේත්‍ර වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස සඳහා බතරොයි නිලධාරි අණදෙන සංස්කරණ පාඨමාලාව, දීර්ඝ කාලීන කාලතුවක්කු පාඨමාලාව-සෙසුනිල, මිනින්දෝරු සහ ඉලක්කපත් හසුකර ගැනිමේ පාඨමාලාව, පශ්චාත් ඒකක පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සහභාගී වූහ.