Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2021 06:02:56 Hours

යුධෝපකරණ බලකා පාඨමාලාව සාර්ථකව අවසන්

දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසලේදී පැවැති රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 67 සහ ගබඩාකරු/ වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක 49 ඔක්තෝබර් මස 29 වන දින සාර්ථකව අවසන්විය.

පාඨමාලාවන්හි ස්මාප්ති උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ, යුධෝපකරණ බලකායේ වැඩබලන සේනාවිධායක ලුතිනන් කර්නල් තරංග සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.

මෙම පාඨමාලාවන් සාර්ථකව හැදෑරු යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තුවල ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 45 දෙනෙකු සහ සෙසුනිලයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ඔවුන්ට හිමි සහතිකපත් ලබාගත්හ.

රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 67 හි දක්‍ෂතම සෙබලාට හිමි සම්මානය 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මාණ්ඩලික සැරයන් ජේ.ඒ.කේ. ප්‍රියදර්ශන විසින් හිමිකරගත් අතර ගබඩාකරු / වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක 49 හි දක්‍ෂතම සෙබලාට හිමි සම්මානය 1 වන සන්නාහ සන්නද්ධ බලකායේ කෝප්‍රල් ජි.අයි.ආර්.කේ. ගමගේ විසින් හිමිකරගත්හ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1, යුධෝපකරණ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.