Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2021 15:38:42 Hours

නව ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක රාජකාරි අරඹයි

දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඔක්තෝබර් මස 30 වන දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.

යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ අධ්‍යක්‍ෂ සංකල්ප හා අධික්‍ෂණ බ්‍රිගේඩියර් උදය හේරත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එම මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති උණුසුම් අයුරින් පිළිගත්තේය.

මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව ආඥාපතිතුමන් ඉන් අනතුරුව යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් ඇමතූවේය.

නව ධුරයේ රාජකාරි භාරගැනිමට ප්‍රථම මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද්ධ හමුදා 1 වන බලකාය යටතේ ස්ථාපිත 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය. මේජර් ජෙනරල් නිශාන්ත මානගේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස සේවය කරන කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සම්බන්ධීකරණ නිලධාරි ලෙස ද කටයුතු කළේය.