Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 17:20:02 Hours

ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලය පිරිසිදු කිරීමට 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස්හී සහය

ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ විදුහල්පති විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින එම විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කරන ලදී.  

නුදුරේදී එම පාසල නැවත ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 641 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් හා 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.