01st November 2021 17:04:02 Hours
කිලිනොච්චියේ පිහිටි1 වන බලකාය යටතේ දඹුල්ල ප්‍රදේශයේස්ථාපිත53 වන සේනාංක මූලස්ථානයේ 28 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා (28) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ආගමික වතාවත් මධ්‍යයේසංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
මෙම අවස්ථාව සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු මෙම ධූරය සඳහා පත්විය.