01st November 2021 17:30:02 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ මුරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 වන සේනාංකයේ 27 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සමන්ත වික්‍රමසේන පසුගිය බ්‍රහස්පතින්දා (28) දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් එතුමන් වෙත පිරිනැමුවේය. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් සමන්ත වික්‍රමසේන සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.
ඉන් පසුව, භටපිරිස් ඇමතූ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් සමන්ත වික්‍රමසේන මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. උත්සවය අවසානයේ පැවැති සියළුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්වූවේය. මෙම අවස්ථාවට 52 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.