Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 13:50:16 Hours

තවත් නීතිවිරෝධී කහ තොගයක් අත්අඩංගුවට

තබ්බෝව - පුත්තලම මාර්ගයේ රාජකාරියේ නියුතුව සිටි 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් පසුගිය සිකුරාදා (29) දින රාත්‍රි කාලයේදී බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කල්පිටිය - තුඩාව වෙරළ තීරයේ වළ දමා තිබූ කහ කිලෝග්‍රෑම් 516 ක තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මෙම කහ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට භටපිරිස් කටයුතු කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් හා 143 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.