01st November 2021 14:40:16 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 24 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය අනුග්‍රාහකත්වය මත පසුගිය බ්‍රහස්පතින්දා (28) දින මඩු, සින්නපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පදිංචි කායික ආබාධයකට ලක්ව සිටින ලියෝන් මෙතලින් මහත්මිය වෙනුවෙන් අත්‍යවශ්‍ය වියළි සලාක පාර්සලයක් සහ රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එන්.සී සේරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.