01st November 2021 13:30:16 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘ගම සමඟ පිළිසඳරක්’ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව වෙත භාරදුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රීඩාපිටි 5 ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමෙන් අනතුරුව තවත් ඉදිකිරීම් ව්‍යාපෘති දෙකක් පසුගියදා ආරම්භ කෙරිණි.
ඒ අනුව, ප්‍රධාන ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරා ගේ අධීක්‍ෂණය මත 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් ඔක්තෝබර් මස 20 දින ගිරිබාව, ගම්පොල ප්‍රාථමික විද්‍යාලයේ සහ ඉහළ මරදන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිවල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.
ගිරිබාව ගම්පොල ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අමතරව එම විද්‍යාල පරිශ්‍රයේ ගුරු නිවාසයක් සහ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ද භටපිරිස් විසින් ආරම්භ කර ඇත. එමෙන්ම, ඉහළ මරදන්කඩවල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ නව ගුරු නිවාසයක් ඉදිකිරීමට ද නියමිතව ඇත. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙතින් රුපියල් මිලියන 20 ක මුදලක් වෙන් කර ඇත.
ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ගේ උපදෙස් මත ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවිණි.