30th October 2021 13:32:00 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 563 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වන්නි ප්‍රදේශයේ පිහිටි පිරප්පන්මඩුව විහාරස්ථානය සහ නාමල්ගම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පිංකම පැවැත්වීමට ප්‍රථම එම විහාරස්ථාන පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරන ලදී.
මෙම වැඩසටහන 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ උපදෙස් මත 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.ජේ.එම්. පෙරේරා ගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.
පසුගිය බ්‍රහස්පතින්දා (28) දින ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු පමණ සිය දායකත්වය දැක්වූහ.