30th October 2021 10:00:00 Hours
ඉන්දියාව සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලයේ පිහිටි භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක 7 හදාරණ ශිෂ්‍ය නිලධාරින් 12 දෙනෙකු සහ උපදේශකයින් පිරිසක් ඉන්දීය යුද්ධ හමුදාවේ සැපයුම් ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබාගැනීම සඳහා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවුහ.
මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක කර්නල් වයි.කේ.එස් රංගික විසින් හෙබවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක (පුහුණු කණ්ඩායම් II), එම පුහුණු පාසලේ සාමාජිකයින් තිදෙනෙකු සහ ශිෂ්‍ය නිලධාරීන් 12 දෙනෙකු ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස දින 14 ක සංචාරයක් සඳහා 2021 සැප්තැම්බර් මස 24 දින ඉන්දියාව බලා දිවයිනෙන් පිටත්ව ගියහ.
සංචාරය අතරතුර, දූත පිරිස ඉන්දියාවේ මුම්බායි, අවුරංගාබාද්, පූනේ, ජබල්පූර් සහ හයිද්‍රාබාද් යන ප්‍රධාන නගර පහක හමුදා කඳවුරු දහයක්, සිවිල් ආයතන පහක් සහ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන හතක සංචාරය කිරිමට නියමිතව ඇත.
එම සංචාරයේදී පූනේහි හමුදා ඉංජිනේරු විද්‍යාලය (CME), පූනේහි හමුදා තාක්ෂණ ආයතනය (MILIT), පූනේහි ජාතික ආරක්‍ෂක විද්‍යාලය (NDA), ජබල්පූර්හි ද්‍රව්‍ය කළමනාකරණ විද්‍යාලය (CMM), විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාලය (MCEME) සහ හයිද්‍රාබාද්හි ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ CDM) සංචාරය කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අත්දැකීම් සමුදායක් ලබාගැනීමට එහිදි අවස්ථාව උදාවිය.
නවීන සන්දර්භය තුළ ඉන්දීය හමුදාව ඔවුන්ගේ සැපයුම් සහ පරිපාලන ක්‍රියාකාරකම් සමඟ ක්‍රියාත්මක වන ආකාරය සහ එහි සැපයුම් ජාලය තුළ ඉන්දියානු හමුදාවේ මෙහෙයුම් කළමනාකරණය කිරිම පිළිබද දැනුමක් ලබාගැනීමට ශ්‍රී ලංකා දූත පිරිසට එහිදි හැකි වූහ. තවද ඉන්දීය නාවික හමුදාවේ විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන ‘INS’ වික්‍රමාදිත්‍ය නැව්ගත කිරීමේ හැකියාව ඇති මුම්බායි හි නාවික තටාකාංගනය වෙත ද නියෝජිත පිරිස සංචාරයක නිරත වූහ.
තවද, ශ්‍රී ලංකා නියෝජිත පිරිස මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය, මුම්බායි හි භාරත් පෙට්‍රෝලියම් පිරිපහදුව, ජබල්පූර්හි කාතුගැල් නිෂ්පාදන කර්මාන්ත ශාලාව, හයිද්‍රාබාද් මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය සහ ‘IKEA’ සාප්පු සංකීර්ණයේ සංචාරය කළහ.
ඉන්දියාවේ අවුරංගාබාද්හි එල්ලෝරා ලෙන්, බෞද්ධාගමේ මහායාන සම්ප්‍රදායේ ලෙන් ආරණ්‍ය, සුප්‍රසිද්ධ කෛලාස විහාරය සහ ජෛන දර්ශනය ඇතුළු බ්‍රාහ්මණ ලෙන් ආරණ්‍ය සහ වඩාත් වැදගත් ලෙස බෞද්ධ දර්ශනයට සම්බන්ධ අජන්තා ඇතුළු තවත් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමට ද නියෝජිත පිරිසට අවස්ථාව උදාවිය.
මෙම සංචාරය පවතින කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකෙරිණි.