Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 14:30:16 Hours

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ ඉකුත් බදාදා (27) දින පැවැති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එම මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමුවේය. ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

නව සේනාවිධායකතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් පුහුණු පාසල් පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.  

ඉන් පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නව සේනාවිධායකතුමන් පසුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. මෙම අවස්ථාවට පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක ඇතුළු මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.  

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 14 වන සේනාවිධායක ලෙස රාජකාරි කටයුතු ආරම්භ කල බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ, නව ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම 592 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි ඉටු කළේය.