30th October 2021 07:45:00 Hours
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 15 යටතේ පුහුණුව ලබන විදේශීය ශිෂ්‍ය නිලධාරින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ ඔක්තෝබර් මස 27 දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත වූහ.
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර විසින් එම ප්‍රදේශය පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කිරීමෙන් අනතුරුව මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත විජයග්‍රාහී ස්මාරකය ඇතුළු තවත් ස්ථාන කිහිපයක නියෝජිත පිරිස සංචාරය කරන ලදී.
මෙම අවස්ථාවට 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.ආර්.එන්. හෙට්ටිආරච්චි සහ 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.