30th October 2021 08:32:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (28) දින කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකරමින් පවතින මහල් 15 කින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සහ රෝහලේ පරිපාලන කටයුතු පිළිබඳ නිරික්‍ෂණය කිරීම සඳහා එම රෝහල් පරිශ්‍රයේ සංචරයක නිරතවිය.
යුද්ධ හමුදා රෝහලේ සංචාරය කල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කරන ලද නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ යුද්ධ හමුදා රෝහලේ පරිපාලන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිරික්‍ෂණය කරන ලදී.
තවද, එම සංචාරයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රෝහලේ පරිපාලන හා නඩත්තු කටයුතු පිළිබඳව ද කරුණු විමසා බැලීය.
මෙම සංචාරය සඳහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ් වනිගසේකර, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ, කළමණාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා, යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චම්පක අත්තනායක ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.
පවතින සෞඛාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම නිරික්‍ෂණ සංචාරය සිදුකරන ලදී.