30th October 2021 08:00:00 Hours
11 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු කාන්තා සෙබළියන්ට ‘පියයුරු පිළිකා’ වල ස්වභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ සායනයක් ඔක්තෝබර් මස 27 දින එම සේනාංක මූලස්ථානයේදී සංවිධානය කෙරිණි.
11 වන සේනාංකයේ ආරාධනයකට අනුව මෙම දේශනය මහනුවර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් මෙහෙයවිය. එහිදි පැවැති සායනය ‘Line Clothing’ පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය මත සිදුකරන ලදී.
මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.