30th October 2021 09:32:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 33 වන විධායක ජෙනරල් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ඉකුත් සිකුරාදා (29) දින විධායක ජෙනරල් ශාඛාවේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
නව විධායක ජෙනරල් සිය කාර්යාලයේදී ආගමික වත්වත් මධ්‍යයේ සුභ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භරගැනීම සනිටුහන් කළේය.
යුද්ධ හමුදා විධායක ජෙනරල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සංජය වනසිංහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් තනතුරේ රාජකාරි භාරගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල නව විධායක ජෙනරල් ලෙස පත්විය. මෙම නව පත්වීමට පෙර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය. නව තනතුරේ රාජකාරි භාරගැනීමේ උත්සව අවස්ථාව සඳහා විධායක ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.