Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2021 20:20:00 Hours

කිලිනොච්චි රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

යුද්ධ හමුදා සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගියදා කිලිනොච්චි යුද්ධ හමුදා රෝහලේදී පැවැත්විණි.

කිලිනොච්චි යුද්ධ හමුදා මුලික රෝහලේදී පැවැති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් ඉදිරිපත්ව ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සංවිධානය කරන ලදී.